කොළඹ භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක්

අප්‍රේ 04, 2023

    කොළඹ සහ බස්නාහිර පළාතේ භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්යානලයේ භූ ගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසනවා.

    1615 වසරේ සිට මේ දක්වා එම ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    අවුරුදු මිලියන 200 කට පමණ පෙර ශ්‍රී ලංකාව, අප්‍රිකාව, මැඩගස්කරය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව එකම භූමියක් ලෙසින් පිහිටා තිබූ බව මහාචාර්යවරයා පවසනවා.

    ශ්‍රී ලංකාව වර්තමානයේ පිහිටා ඇති ආකාරය වසර දහස් ගණනක සංක්‍රමණයක් වනවා.

    ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් එකට යා වුණු ගොඩබිමක්ව පැවති බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

    දෙරට වෙන් වීමත් සමග මුහුදු අභ්‍යන්තරයේ අසාමාන්‍ය ලක්ෂණ රැසක් දක්නට ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා.

    Latest News