අද රාත්‍රීයේ සිට ඉන්ධන මිල අඩුවෙයි

මාර් 29, 2023

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.


    ඒ අනූව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් පහළ දමා තිබෙනවා. නව මිල වන්නේ 340ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් පහළ දමා තිබෙනවා. ඒ අනූව නව මිල රුපියල් 375ක්. ඩීසල් මිල රුපියල් 80කින් අඩුකර ඇති අතර සුපිරි වර්ගයේ ඩීසල් රුපියල් 45කින් අඩුකර තිබේ. එමෙන්ම භූමිතෙල් මිල රුපියල් 10කින් ද අඩුකර තිබේ.

    Latest News