අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල අඩු කෙරේ

ඔක් 17, 2022

    අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයර කරයි.

    ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත.

    නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් වේ.

    ඒ සමගම ඒ හා සමාන මිල කින් ඉන්ධන මිල අඩු කිරීමට ලංකා IOC සමාගම සඳහන් කරයි.

    එම නිවේදනය පහතින්

    CPC-notice.jpg

     

    Latest News