රජයේ මුදල් කාරක සභාව අදත් රැස්වෙයි

මාර් 21, 2023
    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (21) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනූව, ඊයේ දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වූ පනත් කිහිපයක් පිළිබඳව අද දිනයේ යළි සළකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මේ අතර, 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය සඳහා වන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පළමු වරට අද රැස්වීමට නියමිතයි. ඒ සඳහා නව සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බවයි, වාර්තා වන්නේ.
     
    එමෙන්ම, අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. නීති අධ්යාපන සහ ආඥා පනත යටතේ ගැසට් පත්රයේ පළකර ඇති රීති අද දිනයේ විවාදය කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතයි.
     
    එමෙන්ම, ඛනිජ සම්පත් පනත යටතේ විදුලිබල හා බලශක්ති අමාත්යවරයා විසින් ඉදිරිපත් කර ඇති නියෝග පිළිබඳව ද විවාදය පැවැත්වීමට නියමිතයි.

    Latest News