අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

නොවැ 22, 2022

    2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතයි. අද පස්වරු 5.00ට අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    ඒ අනූව, අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වැනි දින ආරම්භ වූ අතර 7 වැනි දිනටත් අද දිනයේ විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

    අය වැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 8 වැනි දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.

    Latest News