“පොහොසත් රටකට පළමු පියවර” 2025 වර්ෂය සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය පෙරවරු 10.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරට පත්ව ඉදිරිපත් කරන පළමු ඇයවැය මෙයයි. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට සිට ලබන 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි.
දෙවැනි වර කියවීමේ ඡන්ද වීමසීම සිදු කෙරෙන්නේ, 25 වැනි දින සවස 6.00ටයි. ලබන 27 වැනිදායින් ආරම්භ කෙරෙන අයවැය තුන්වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු 21
දක්වා පැවැත්වෙනවා.
එදින පස්වරු 6.00ට අයවැය 3 වැනි වර කියවීමේ ඡන්ද වීමසීම පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසර සඳහා වන අයවැය අවසන් ලේඛනය, ඊයේ නිරීක්ෂණය කළා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ අවස්ථාවට මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද එක්ව සිටියා.