පමා වී ආ වසන්තේ

නොවැ 20, 2022

    අළුත්ගම සහ බෙන්තොට යන සංචාරක කළාප විදෙස් සංචාරකයින්ගෙන් පිරීගොස් තිබෙනවා.  රුසියානු හා ප්‍රංශ සංචාරකයින් වැඩි පිරිසක් පැමි‍ණීම ඊට හේතුවයි. 

    එම ප්‍රදේශයේ සංචාරක හෝටල්,  නිවාඩු නිකේතන,  සංචාරක නිවාස ඇතුළු සියලු ස්ථාන විදෙස් සංචාරකයින්ගෙන් පිරීගොස් තිබෙනවා.  ප්‍රදේශයේ හෝටල් කළමණාකාරීත්වය සඳහන් කළේ,  රාජ්‍ය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්  අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සංචාරකයින් වැඩි පිරිසක් පැමිණි බවයි.  ශ්‍රී ලංකාව තම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් සංචාරකයින් ප්‍රසාදය පළ කළා. 

    දිරියේදී ජල ක්‍රීඩා සම්බන්ධ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට ද රජය පියවර ගෙන තිබෙනවා. දියමත ලිස්සායාමේ ක්‍රීඩාව වැඩිදියුණු කර සංචාරක කර්මාන්තය සඳහා ඍජු දායකත්වයක් ලබාගැනීමට මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමුකිරීම කාලෝචිත බවයි, රුවන්වැල්ල ප්‍රදේශයේදී  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ.     

    Last modified on ඉරිදා, 20 නොවැම්බර් 2022 18:03

    Latest News