ලෝක ධීවර දිනයේ "දළ ර‍ළ සවිය"

නොවැ 20, 2022

    නොවැම්බර් 21 වන දිනට යෙදෙන "ලෝක ධීවර දිනය" වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි.

    ලෝක ධීවර දිනය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී වීමට හේතු බොහෝය. මහා සාගරය වටකොට ගත් අසිරිමත් දූපතක ජීවත්වන මිනිසුන්‍ට සාගරය තරම් වූ සම්පතක් නොවේ. තවත් පසකින්, දූපතක් වුව ද අප රට අභ්‍යන්තර මිරිදිය ජලාශ දහස් ගණනකට හිමිකම් කියයි. එම නිසාම අප සැම ජීවත් වන්නේ, ධීවර කර්මාන්තයෙන් විපුල ඵල නෙළා ගත හැකි රටක බව සියල්ලෝම දතයුතුය.

    හුදු සන්දර්ශන සැමරුම් වෙනුවට මෙවර ධීවර දිනයේ දී ධීවරයාගේ සැබෑ ගැටලු ආමන්ත්‍රණය කොට ඒවාට විසදුම් ලබාදීමට අපි උත්සහ දරමු. ධීවරයාගේ ගැටළු සොයා වෙළරට, වැවට, ගමට යෑමට නව ධීවර ජංගම සේවාවක් මෙවර ධීවර දිනයට සමගාමීව අප විසින් ස්ථාපිත කරන ලද්දෙමු.

    එපමණක් නොව මෙවර ධීවර දිනයට සමගාමීව ධීවර රැකියාවේ නිරත පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එක්ව නව ධීවර රක්ෂණාවරණයක් ලබාදීමට අප පියවර ගෙන තිබේ. එසේම කෘෂි රක්ෂණ මණ්ඩලය සමඟ එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීම, ලංකා බැංකුව සමඟ එක්ව ධීවර දරුවන් වෙනුවෙන් "දියවර කැකුළු" ඉතුරුම් ගිණුම් ක්‍රමය හදුන්වාදීම, ජාතික ධීවර ප්‍රඥප්තිය සැකසීම පිලිබඳ කතිකාවතක් ඇතිකිරීම ආදී කටයුතු රැසකට මුල පුරා ඇත.

    අතවද නව සංකල්පයකට අනුව ධීවර පවුල්වල යහපත් දෙමව්පියභාවය ගොඩනැගීම උදෙසා "දිරිය ධීවර අම්මා" නමින් සංවාදශීලී සෞන්දර්යාත්මක වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. ධීවර දිනයට සමගාමීව තවත් මෙවන් අර්ථපූර්ණ වැඩසටහන් රැසක් ධීවර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    Last modified on ඉරිදා, 20 නොවැම්බර් 2022 14:54

    Latest News