වැල්ලම්පිටියේ 02ක් අතුරුදන් කිරිමට හිටපු නාවික හමුදාපතිවරයෙකුගේ සම්බන්ධයක්

මාර් 21, 2019

    2008 වසරේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන 04 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

     මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරි කැඳවනු ලැබිණ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය දැනුම් දිනී. 

    මෙම සිදුවීම වූ අවදියේ නාවික හමුදාපති වු ජයන්ත පෙරේරා මහතා, නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ආනන්ද ගුරුගේ මහතා සහ වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන් මෙ පිළිබඳව දැනුවත්ව සිටි බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. ඊට අදාලව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 4 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියට නියම කළේය.

    Latest News