2008 - 2009 වසරවල දී 11 ක් අතුරුදන් කිරීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට අධිචෝදනා ගොනු කිරීමට නීතිපති උපදෙස් ලැබි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට අද දැනුම් දුන්නේය.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිව සැප්තැම්බර් 04 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

පසුගිය වසරේ සිදුවූ දේශපාලන අර්බුධයට ප්‍රථම පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු සභා වාරයේදී, පාර්ලිමේන්තුවේ බහුතරක් මගින් සම්මත වූ හානි පුර්ණ කාර්යාල පනත පිලිබඳ විවිධ පාර්ශවයන් විවිධ ආකාරයේ මත පල කර තිබුණි.

2008 වසරේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන 04 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රත්ගම අතුරුදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැක කෙරෙන පිලිස්සී ගිය අස්ථි කොටස් අද(22) වලස්මුල්ල ප්‍රදේශයෙන් සොයා ගැනේ.

Latest News