රත්ගම ව්‍යාපාරිකයින්ගේ යැයි සැක අස්ථි කොටස් හමුවේ (වීඩියෝ)

පෙබ 22, 2019

    රත්ගම අතුරුදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැක කෙරෙන පිලිස්සී ගිය අස්ථි කොටස් අද(22) වලස්මුල්ල ප්‍රදේශයෙන් සොයා ගැනේ.

    රත්ගම, බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගිය ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුනු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගෙන ඇත. ඔවුන් ඝාතනය කර පුලුස්සා දමන්නට ඇතැයි සැක කෙරේ.

    වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල හැවැන්දෙණිය ප්‍රදේශයේ කණුමුල්දෙණිය රක්ෂිතයේ සිදී ගිය ඇළ මාර්ගයක තිබී පිළිස්සුනු අස්ථි සහ දත් කොටස් කිහිපයක් සොයාගත්හ.

    වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා, මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී සුමිත් අඹේපිටිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරිහු පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වූහ.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 18:24

    Latest News