නාවික හමුදා නිළධාරින් උසස්විම අතුරු දහන් වුවන්ගේ ඥාතින්ට කණගාටුවට පත් කිරිමක්

අගෝ 21, 2019

    පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිව සැප්තැම්බර් 04 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධ නඩුව විභාගය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා‍ හමුවේ සිදුකෙරිණ.

    සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ලබා ගත් ප්‍රකාශ වලට අදාලව ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දෙනු ලැබිණ.

    ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දිය හැකි බවත් මෙම සිද්ධියේදී වෘත්තීය ගනුදෙනුවක් ඇති බැවින් ප්‍රකාශයක් ලබා දීමට ඇති නෛතික බාධාව ඉවත් දෙ‍නමෙන් ඔහුගේ නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නීතිඥයා සහ සේවාදායකයා වෙනුවෙන් රීති මාලාවක් පනවා ඇති බව පෙන්වා දුන් නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රකාශයක් ලබා දීමෙන් එම රීති කඩවිය හැකි බව පෙන්වා දුනී. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

    අගතියට පත් පාර්ශ්වවයට සාධාරණයක් ඉටු විය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට පැවසිය. මෙම සිද්ධිය සම්බන්ධ ඇප ලබා සිටින නාවික හමුදා නිලධාරීන් උසස් වීම් ලැබි ඇති බැවින් අගතියට පත් පාර්ශ්වය කණගාටුවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුනී.

    සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර ඉදිරි නඩු දිනයේ අධිකරණයට දන්වා සිටින ලෙස රහස් පොලිසියට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය,වී අයි ධර්මදාස,කේ කිත්සිරි, තුෂාර මෙන්ඩිස්,හෙට්ටිහැන්නදි, ඇන්ටන් ප්‍රනාන්දු,ජනක කුමාර යන සැකකරුවන් ඇප මත මුදා හැර සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් වන නඩුව ලබන සැප්තැම්බර් මස 11 වනදා කැදවන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

    Latest News