දේශපාලන කඹ ඇදිලි මැද හිරවූ හානිපුර්ණය

අප්‍රේ 02, 2019
  • පසුගිය වසරේ සිදුවූ දේශපාලන අර්බුධයට ප්‍රථම පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු සභා වාරයේදී, පාර්ලිමේන්තුවේ බහුතරක් මගින් සම්මත වූ හානි පුර්ණ කාර්යාල පනත පිලිබඳ විවිධ පාර්ශවයන් විවිධ ආකාරයේ මත පල කර තිබුණි.

    මේ අතරින් කැපී පෙනන කරුණ නම් බොහෝ දේශපාලනික පක්ෂ හා එම පක්ෂ නියෝජනය කරන්නන් පලකර ඇති අදහස් පරස්පර විරෝධී ඒවා වීමයි. මෙයින් බොහොමයක් මතයන්, "හානි පුරණ කාර්යාලය මගින් ත්‍රස්තවාදී කණ්ඩායම් හට වන්දි ලබාදීමට සැරසෙන බව", "ජ්‍යාත්‍යන්තර ප්‍රතිපාධන මත ක්‍රියාත්මක වන මෙම කාර්යාලය හේතුවෙන් ලංකාවේ ස්වෛරීභාවයට හනිකයක් වන බව", "මෙය කිසිදු නිවරද්‍යතාවකින් තොරවූ තවත් සංකේතාත්මක ක්‍රියාවලියක් පමණක් වන බව" වැනි සෘණාත්මක පසුබිමක් සහිත වේ. අද වනතුරුත් මේවයේ සත්‍යතාව පිලිබඳව ජනතාව තවමත් ඉමහත් කුහුලකින් පසුවන බව නොරහසකි.

    misingperson1 px 900 19 04 misingperson1 px 900 19 04

    misingperson2 px 900 19 04

    මෙම කාරණය පිලිබඳ සොයාබැලීමේදී මේ සම්බන්ධයෙන් ඍජුවම ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක් වන SCRM ආයතන ඔවුන්ගේ නිළ facebook ගිණුමෙහි පළකර ඇති පැහැදිලිකිරීම් මෙසේ දැක්විය හැකිය. ඒ පිලිබඳ දැනුවත්ව සිටීම අප සැමගේ වගකීමකි. එමෙන්ම අපගේම විපතට පත්වූ ජනතාව වෙනුවෙන් යහපතක් සිදුකිරීමට සැරසෙන ඕනෑම පාර්ශවයකට සහය දීම, නිවහල් ජාතියක් වන අපගේ පොදු ප්‍රාර්ථනාවක් විය යුතුය.

      facebook ගිණුමෙහි  - https://www.facebook.com/pg/scrmsl/photos/?tab=album&album_id=1248276598645858

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 15:11

    Latest News