ධනුෂ්ක පැනවූ ඇප කොන්දේසි මෙන්න

නොවැ 17, 2022

    ඔස්ට්‍රේලියාවේ "සිඩ්නි" නුවර බන්ධනාගාර ගත කර සිටී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දී තිබෙනවා.  ඔස්ට්‍රේලියානු "ඒ බී සී විකාශන ආයතනය" මේ බව නිවේදනය කළා. 

    ධනුෂ්ක ගුණතිලක පසුගියදා බන්ධනාගර ගත කෙරුණේ, ලිංගික අතවර චෝදනා 4 ක් පදනම් කර ගනිමින්. ඒ අනුව, ඔහු දින 11 ක් ඔස්ට්‍රේලියාවේ "සිල්වර් වෝටර්" බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියා. 

    ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව, ධනුෂ්ක ගුණතිලකගේ දෙවැනි ඇප ඉල්ලීම, සිඩ්නි නුවර ඩවුනින් මධ්‍යම අධිකරණයේ දී අද කැදවනු ලැබුවා. ඔහුට ඇප හිමිව ඇත්තේ  ඒ අනුවයි. 

    මහේස්ත්‍රාත් ජැනට වෝල්ක් විස්ට් විසින් කොන්දේසි කිහිපයක් මත ඇප ලබාදී ඇති අතර, ඩොලර් එක්ලක්ෂ පනස්දහසක මුදල් ඇපයක්, දිනපතා පොලීසියට වාර්තා කිරීම, රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා ඇඳිරිනීතිය, පැමිණිලිකරු සම්බන්ධ කර නොගැනීම සහ ටින්ඩර් ජාලයට ප්‍රවේශ වීම තහනම් කිරීම එම කොන්දේසිවලට ඇතුළත්. 

    ඇප  ලබාදුන්නද, ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අවසන් වන තෙක්, ඔහුට එරටින් පිටත්ව යාමට අවසර හිමි නොවනු ඇති. 

    Latest News