ධනුෂ්ක අධිකරණයෙන් කළ ඉල්ලීම

ජූලි 07, 2023

    සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ අනූව, ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව, විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

    Latest News