ජාතික රූපවාහිනිය ඇඩිලේඩ් හි තැනූ ලස්සන ලෝකය

නොවැ 17, 2022

    මෙරට රූපවාහිනී මාධ්‍යයේ නොකඩවා විකාශ වූ පැරණිතම එකම ළමා වැඩසටහන ජාතික රූපවාහිනියේ මුතුහර ළමා වැඩසටහනයි. මෙරට සහ විදෙස් ගත ශ්‍රීලංකීය ළමුන්ගෙන් සමන්විත එකම ළමා සමාජය ද මුතුහර ළමා  සමාජයයි. 2527 වැනි ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජය පිහිටුවා මේ වසරට සය වසරක්. ඒ වෙනුවෙන් 2022 වාර්ෂික මුතුහර රාත්‍රීය  එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.

    2527 වැනි ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් මුතුහර ළමා සමාජය ශ්‍රී ලංකා රූපාවාහිනි සංස්ථාවේ මුතුහර ළමා සමාජය යටතේ ක්‍රියාත්මකයි. 2016 යේ ඔක්තෝබර් පළමු වැනිදා ළමුන් 50කගේ සහභාගිත්වයෙන් දකුණු ඕස්ට්‍රේලි‍යාවේ දී මෙම ළමා සමාජය ආරම්භ වුණා.

    දරුවන්ගේ දක්ෂතා, නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම, අන්න්‍යොන්‍ය සහයෝගය එකිනෙකා සහජීවනයෙන් ජීවත්වීම, ශ්‍රීලාංකීය සංස්කෘතිය පිළිබඳ අවබෝධය වැඩි කිරීම වැනි දේ මෙහි අරමුණ වුණා. මෙම ළමා සමාජය යටතේ මුතුහර මාධ්‍ය ඒකකයක්, නර්තන, ගායන,වාදන කණ්ඩායමක්, කාන්තා ක්‍රිකට් කණ්ඩායමක්, සුබසාධක සමිතියක් ද ක්‍රියාත්මකයි.

    ඇඩිලේඩ් මුතුහර ළමා සමාජයේ නිර්මාතෘ හා සංවිධායිකා කුමුදුනී විද්‍යාරත්න සිල්වා මහත්මිය පවසන්නේ, එළඹෙන සෙනසුරදා පැවැත්වෙන වාර්ෂික මුතුහර රාත්‍රීයේදී නවක සාමාජිකයින් බඳවා ගැනීමටද නියමිත බවයි. ලස්සන ලෝකයක් හදමු තේමාවෙන් රූපවාහිනී සංස්ථාවේ ප්‍රථම සභාපති එම්.ජේ. පෙරේරා මහතාගේ අදහසකට අනුව ආචාර්ය ලලිතා සිරිවර්ධන මහත්මිය 1982 අප්‍රේල් 28 වැනිදා මුතුහර ‍රූපවාහිනී වැඩසටහන ආරම්භ කළා.

    Latest News