ධනුෂ්ක ගුණතිලකට ඇප

නොවැ 17, 2022

    ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දුන් බව,ඔස්ට්‍රේලියානු ABC ආයතනය වාර්තා කරනවා.

    ඔහුගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අනුව ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි නුවර ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවනු ලැබිය. ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත්වුණේ පසුගිය නොවැම්බර් මස 6 වැනිදායි.  ඒ අනුව ඔහු දින 11ක් අත්අඩංගුවේ පසුවුණා.  

    ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට ඕස්ට්‍රේලියාවේ තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි, ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.  ්‍

    ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරක් ගොනුකර තිබුණා. 

    Last modified on බ්‍රහස්පතින්දා, 17 නොවැම්බර් 2022 10:36

    Latest News