ධනුෂ්කට එරෙහි චෝදනා කිහිපයක් ඉවත්කර ගනී

මැයි 18, 2023

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී එල්ලවූ ලිංගික චෝදනාවලින්, හතරෙන් තුනක් ඉල්ලා අස්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  මේ බව එරට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

    32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම චෝදනා තුන ඉල්ලා අස්කරගෙන ඇත්තේ. 

    පසුගිය 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ලිංගික අතවර චෝදනා හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවා. 

    ඒ අනුව, ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව යළි ජූලි 13 වැනිදා විභාගයට ගැනිමට නියමිතයි.

    Latest News