ඇමති ඩයනාගේ විදෙස් ගමන තහනම දිගු වෙයි

නොවැ 17, 2022

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 15 වැනිදා දක්වා දීරඝ කර තිබෙනවා.

    පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නා.      ‍

    ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ගමගේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශ්වයක් පැමිණ තම සේවා දායිකාවට එරෙහිව  විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබෙන බවයි.

    පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සමග සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට විරෝධය පළ කළා. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි, මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ලබා දුන්නේ.

    Latest News