ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගත් අයවැයක්

නොවැ 13, 2022

    2023 අයවැය දිගුකාලීන ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගත් අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    2023 අයවැය මගින් ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය තුළින් අයවැය ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂා කෙරේ.

    සමාජ සුබසාධන ප්‍රතිලාභ වඩාත් අවශ්‍ය ජනතාවට ලබාදීම සහ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පෞද්ගලික අංශය ගොඩනැගීම සඳහා ප්‍රතිපත්තිමය පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කෙරේ.

    2023 අයවැය හරහා නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ තරුණ තරුණියන්ට යහපත් රටක් සහතික කිරීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිවයි.

    Last modified on ඉරිදා, 13 නොවැම්බර් 2022 20:55

    Latest News