කන්දකාඩු කඳවුරේ රැඳවියන් අතර ගැටුමක්

නොවැ 07, 2022

    ‍කන්ඳකාඩු - පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට පාලනය කරමින් සිටින බව, පුනරුත්තාපන  කොමසාරිස් ‍ජනරාල්වරයා පවසනවා.

    පුද්ගලයින්  ෙදෙදෙනක් අතර අැති වූ බහින් බස් වීමක් දුරදිග යාෙමන් ‍කන්ඳකාඩු  - පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඊයේ (07) රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබේ. අනතුරුව ගැටුම සමතයකට පත් කිරීමට ගිය කාර්ය මණ්ඩලයට ද  පහරදී හිරිහැර කර ඇති බවයි, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ. 

    ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයින් දැනට පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ සිටින බවත් ඊට සම්බන්ධ නොවූ පුද්ගලයින් සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානට යොමු කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා. ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 5 දෙනෙකු පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

     

     

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 11:19

    Latest News