පාස්පෝට් ඉවරයිද ?

නොවැ 08, 2022

    ආගමන විගමන දෙපාර්තමේන්තුවට අද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදු වූ බවයි.

    ප්‍රධාන පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලය හා සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන බවට දැනුම්දීමත් සමග බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ අද පස්වරුවේ උණුසුම් තත්වයක් ද හටගැනුණා.

    පසුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිසිය මැදිහත්ව තත්වය සමතයකට පත්කළා.

    Last modified on අඟහරුවාදා, 08 නොවැම්බර් 2022 19:20

    Latest News