කාදිනල් හිමිපාණන්ගෙන් නිවේදනයක්

නොවැ 08, 2022

    සාමකාමී විරෝධතා සහ පාගමන් සංවිධාන කරන ක්‍රියාකාරී සාමාජිකයන්ට හා ජනතාවට එරෙහිව රජය මර්දනකාරී පිළිවෙතක් ගෙන යන බවත් එය, හෙළා දකින බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. 

    උන්වහන්සේගේ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ බව ප්‍රකාශ කළා.   අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශික්ෂූ බල මණඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රැදවුම් නියෝග මත චෝදනා ඉදිරිපත් නොකර රඳවා තබා ගෙන සිටීම අසාධාරණ බව කාදිනල් හිමිපාණන් පවසනවා.

    පාස්කු ප්‍රහාරය පිටුපස ඇති බලවේග සම්බන්ධයෙන් සාධාරණ හා විනිවිද භාවියෙන් යුතුව රජය ක්‍රියා කළයුතු බවද උන්වහන්සේ අවධාරණය කරනවා.   රට තුළ නිදහස් හා යුක්තිය ස්ථාපනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන්ද ඉල්ලා සිටින බවත් කාදිනල් හිමිපාණන් සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.   

    Latest News