මසක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ජූනි මාසයේ

ජූලි 05, 2022

    ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයේ මාසයක කාලයක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය ඉකුත් ජූනි මාසයේ නිකුත් කර තිබේ.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් භාරදීම සඳහා ඉදිරි දින 60ක කාලසීමාව තුළ දින හා වේලාවන් වෙන්කර ගෙන අවසන් බවයි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

    එබැවින් කඩිනමින් රැකියාවක් සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන අයැදුම්කරුවෙකු වේ නම් එය තහවුරු කිරීම සඳහා ඊට අදාළ ලියකියවිලි 070 - 63 11 711 යන අංකයට වට්ස්ඇප් මගින් යොමු කිරීමෙන් එක්දින සේවාව හරහා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 05 ජූලි 2022 10:26

    Latest News