හෙරෝයින් සමග බේරුවලදී සැකකරු අල්ලයි

නොවැ 08, 2022

    හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 340ක් සමග සැකකරුවෙකු බේරුවල, අබේපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    තංගල්ල,කුඩාවැල්ල ප්‍රදේශයේදී සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරවෙක්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබේ.

    වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල උප ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.

    සැකකරු ඊයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

    Latest News