වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

නොවැ 08, 2022

    මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

    එය පූර් ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස සෙසු රටවල්වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර් ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව මහාචාර් යවරයා ප්‍රකාශ කළේය.

    චන්ද්‍රග්‍රහණය පස්වරු 1.32ට සිදුවන අතර එහි ග්‍රහණ මධ්‍ය 4.29ට හා ග්‍රහණ අවසානය 5.27ට සිදුවෙයි. නමුත් ග්‍රහණ ආරම්භයත් අපට දිස්නෙවන බවයි මහාචාර්යවරයා පවසන්නේ.

    Latest News