හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

පෙබ 08, 2022

    හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට වැඩි ප්‍රමාණයක් සමග ජාවාරමේ නියුතු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැටලීම සිදු කෙරුණේ ඊයේ පස්වරුවේ.

    කළුබෝවිල රෝහල පාරේ, නිවසක දී අත්අඩංගුවට ගත් එම තැනැත්තිය සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 64ක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
    එම තැනැත්තිය විදෙස්ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බඩෝවිට අසංක නමැත්තාගේ ප්‍රධාන සහයකයෙකු වන ආමි ඉන්දික නමැත්තාගේ බිරිඳ බව හඳුනාගෙන තිබේ.
    එම යුවල මෙරට තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නියුතුව සිටින බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී තිබේ.

    Last modified on අඟහරුවාදා, 08 පෙබරවාරි 2022 11:47

    Latest News