ජනපති හා බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක්

නොවැ 07, 2022

    “කෝප් - 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට” සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ,  ඊජිප්තුවේ ශාම් එල් ශෙයික් හිදී.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රථමයෙන්ම නව අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වීම සම්බන්ධයෙන් රිෂී සුනාක් මහතාට සුභ පැතුම් එක්කළා. අනතුරුව, රාජ්‍ය නායකයන් දෙදෙනා සුහද කථා බහක නිරත වුණා.

    Latest News