‍කැනඩාවේ 18 ක් විදේශ ඇමති හමුවෙයි

නොවැ 05, 2022

    ‍කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  ඇතුළු පිරිසක්  විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා හමු වුණා.  

    ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී‍. 18 දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වුණා.  කැනේඩියානු නියෝජිත පිරිස ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය කිරීමේ අරමුණින්,  වාණිජ හා ආයෝජන කටයුතුවල නියැලීමට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික‍යින්  වැඩි සැලකිල්ලක් දක්වන බවයි. 

    කැනේඩියානු නියෝජිත පිරිසට  මහා  පරිමාණ  ව්‍යසායකයින් ඇතුළු  පිරිසක් අයත්  වුණා. මොවුන්, රට තුළ හවුල්  ව්‍යාපාර වාණිජ ව්‍යවසායන් සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම්‍ මෙන්ම, පුණ්‍ය කටයුතුවලට පිවිසීමට උනන්දුවක් දක්වන බවයි, විදේශ කටයුතු  අමාත්‍යාංශය නිකුත්  කළ නිවේදනයේ සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය පුනර්ජීවනය කිරීමට ද, මෙම නියෝජිත කණ්ඩායම උනන්දුව දක්වන බව, එම නිවේදනයේ වැඩිදුරටත්

    Latest News