කොළඹ - කන්කසන්තුරය රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වේ

නොවැ 05, 2022

    සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙසේ පූනෑව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව ඇත්තේ අද (05) දහවල් කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී දුම්රියයි. දුම්රියේ එන්ජිම සහ මැදිරි දෙකක් මෙසේ පීලි පැනීමට ලක්වී ඇත. මේ හේතුවෙන් කන්කසන්තුරය සහ කොළඹ අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරන ලද බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

    Latest News