අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ වේ

ඔක් 26, 2022

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පණවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    එමෙන්ම සැකකාර කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා නියෝග කළා.

    දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණා.

    Latest News