හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි

මැයි 05, 2022

    හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම මේ මස 23 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.

    එදින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යලි සිතාසි නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පසුගිය 2 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර මහේස්ත්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර තිබුණා.

    එහෙත් එදින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට මේ මස 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබෙනවා.

    හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මෙලෙස අධිකරණය මගින් සිතාසි නිකුත් කරනු ලැබුවා .

    බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් චෝදනා 06 ක් යටතේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    Latest News