එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුගමනයට ආරක්ෂක මණ්ඩලයෙන් සාමාජික රට වලට දැඩි උපදෙස්

ජන 10, 2020

    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ස්ථීර ලෙස අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සියළු සාමාජික රට වලින් ඉල්ලීමක් කරයි.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය බහුපාර්ශ්වවාදය සුරක්ෂිත කිරීමට නියැළි සිටීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානය බහුපාර්ශ්වික කටයුතු තුළ ඉටු කරන කේන්ද්‍රීය කාර්යභාරය පිළිබඳව එම නිවේදනය මගින් යළි අවධාරණය කෙරිණ.

    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මෙන්ම එහි ප්‍රධාන කරුණු හා අරමුණ සහතික කරමින් ජාත්‍යන්තර නීතිය පදනම් කරගත් ජාත්‍යන්තර පද්ධතියක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ක්‍රියා කරයි.

    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ඉතා වැදගත් බව එම නිවේදනයේ දැක්වේ.

    අදාළ කටයුතු වල ක්‍රියාත්මක කිරීමේදී එම ප්‍රඥප්තිය අනුගමනය කරන ලෙස එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලය සියළු සාමාජික රට වලින් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් කර ඇත. 

    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සුරැකීමේ ප්‍රධාන වගකීම එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලයට පැවරෙන බව යළි ප්‍රකාශ කර ඇත.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 18:05

    Latest News