එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපති ධුරයෙන් ඉවතට

පෙබ 28, 2021

    මියන්මාර හමුදා පාලනයට එරෙහිව අන්තර් ජාතික සහය පැතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපතිවරයා ධුරයෙන් ඉවත් කර තිබේ. මියන්මාරයේ පාලනය හොඹවන හමුදාපාලකයන් කියා සිටියේ, තමන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන්, ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

    හමුදා කුමන්ත්‍රණය නැවැත්වීම සඳහා අවශ්‍ය වන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් සිදු කිරීමෙන් දිනකට පසුවයි, ඔහු එම ධුරයෙන් ඉවත් කෙරුණේ.

    කියෙවු මෝ ටුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ රජය නැවත බලයේ පිහිටුවන තෙක් ලොව කිසිඳ රටක් කුමන්ත්‍රණකාරී හමුදා පාලනයට සහය නොදිය යුතු බවයි.

    ඉකුත් පෙබරවාරි පළමු වැනිදා ආවුන් සාන් සුකී ඇතුළු මියන්මාර දේශපාලන නායකයන් රැසක් අත්අඩංගුවට ගෙන එරට හමුදාව බලය අල්ලා ගත් දා සිට මියන්මාරය,අර්බුද රැසකට මුහුණ පා සිටියි.

    එරට ජනතා විරෝධතා තවදුරටත් උග්‍ර වී ඇත් අතර, ඊයේ දිනයේදීත් මොන්වා නගරයේ පැවති විරෝධතා අතරතුර කාන්තාවකට වෙඩි තබා තිබේ.

    එසේම, ආරක්ෂක අංශ තවත් විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. එරට නගර රැසක විරෝධතා මර්ධනය කිරීම සඳහා ජල ප්‍රහාරක රථ ද යොදා ගෙන ඇති අතර මාධ්‍යවේදීන් රැසක් ද හමුදා අත්අඩංගුවේ පසු වෙයි.

    Last modified on ඉරිදා, 28 පෙබරවාරි 2021 10:59

    Latest News