සූර් යග්‍රහනය ප්‍රදේශ කීපයකට දිස් වේ

ඔක් 24, 2022

    ලබන 25 වන දින පස්වරුවේ අර් ධ  සූර් යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න පවසයි.

    යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළඹ නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක පමණ කාලයක් අර්ධ සුර්යග්‍රහණය දිස්වන නමුත් මෙරට දකුණු දිග ප්‍රදේශවලට එම සුර්යග්‍රහණය හොදින් දිස් නොවන බව මහාචාර්යයවරයා පවසයි.

    සුර්ය රශ්මිය ඉතා අඩු අවස්ථාවක අර්ධ සුර්ය ග්‍රහණය සිදුවීම හේතුවෙන් පියවි ඇසින් එය නැරඹීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියි.

    සුර්යග්‍රහණයක් යළි ශ්‍රී ලංකාවට දිස්වන්නේ තවත් වසර 5කින් පසුව බව මහාචාර්යය චන්දන ජයරත්න වැඩිදුරටත් පවසයි.

    Latest News