මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වන අතර ශ්‍රී ලංකාවේ මෙම සූර්යග්‍රහණය යාපනය සහ කොළඹ ප්‍රදේශවලට දිස් වන බවද ඔහු කියා සිටියි.
මෙරටදී ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයට වන අතර එය ප.ව. 5.27 සිට නිරීක්ෂණය කළ හැකිය.උපරිම අවස්ථාව ප.ව. 5.46ට ද සිදු වේ. ග්‍රහණ අවසානය ප.ව. 6.20ට සිදුවන අතර යාපනයට හිරු බැස යාම පස්වරු ප.ව. 5.49ට සිදු වන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22ක පමණ කාලයක් යාපනයට දිස් වේ.
කොළඹ නගරයට අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5:43 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම ග්‍රහණ අවධිය ප.ව. 5:49ට සිදු වේ. කොළඹට හිරු බැස යාම පස්වරු ප.ව. 5:52ට සිදු වන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 09ක පමණ කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.
අනුරාධපුර සිට යාපනය දක්වා වන උතුරු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දී මෙම සූර්යග්‍රහණය නැරඹීමට සුදුසුම කලාපය වේ. ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලට මෙම ග්‍රහණය දිස් නොවන බවද මහාචාර්යවරයා පවසයි.
හිරු බැස යාමට ඉතා අසන්නයේ පිහිටන සූර්ය රශ්මිය ඉතා අඩු විටෙකදී මෙම ග්‍රහණය සිදුවන බැවින්, ග්‍රහණ උපරිම අවස්ථාවේ දී සහ ඊට පසුව සූර්ය පෙරහණක් නොමැතිව වුවද පියවි ඇසින් තත්පර 30කට අඩු කෙටි කාලයක් එදෙස බලා සිටීමේදී ඇස්වලට හානියක් සිදුනොවනු ඇති බව ද ඔහු පවසයි.
නැවතත් සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වනුයේ වසර පහකට පසුවයි.
පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවණැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි.
සාමාන්‍යයෙන් සති දෙකක පරතරයක් ඇතිව එක දිගට ග්‍රහණ දෙකක් ඇති වේ. ඒ අනුව දින 14කට පසුව එනම් නොවැම්බර් 8 වැනිදා ලොව බොහෝ ප්‍රදේශවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇති අතර එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට පස්වරු 5.48 සිට 6.19 දක්වා නැඟෙනහිර ක්ෂිතිජයෙන් චන්ද්‍රයා උදාවීමේදී දර්ශනය වනු ඇති.