ලබන 26 ඉතා විරල සූර්යග්‍රහණයක් (වීඩියෝ)

දෙසැ 24, 2019
  • ලබන 26 වැනිදා, ඉතා විරල සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හිමි වේ.

    එහි විශේෂත්වය වන්නේ චන්ද්‍රයා විසින් සූර්යාගෙන් 93% කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනු ලැබීමයි.

    මෙම සූර්යග්‍රහණයය දිවයිනේ උතුරට මෙන්ම නැඟෙනහිර ඇතැම් ප්‍රදේශවලට වඩා හොඳින් දිස්වේ. දකුණු පලාත් ආශ්‍රිත ප්‍රදේශවලට පෙන්නුම් කරන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසනි. එහිදී චන්ද්‍රයා මගින් සූර්යයාගෙන් 85% කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන ආකාරයටයි.

    තාරකා විද්‍යාඥයින් මෙම සූර්යග්‍රහණයය හඳුන්වන්නේ විරල වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසයි. සූර්යග්‍රහණයක් ඇති වන්නේ පෘථිවිය හා සූර්යයා අතර ඍජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විටදී ඉලිප්සාකාර කක්ෂිය චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ඈතින් පිහිටන අවස්ථාවක මෙම සූර්යග්‍රහණය පිහිටන බැවින් වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස මෙය හැඳින්වේ. මෙහිදී චන්ද්‍රයා සාපේක්ෂ්ව කුඩාවට පෙනෙන අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිනි වළල්ලක් වගේ පිහිටනසේ හිරු මත චන්ද්‍රයා කළු ලපයක් ලෙස දිස්වේ.

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 19:31

    Latest News