දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

ඔක් 24, 2022

    වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අද (24) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර තිබේ.

    ඒ අනුව කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙයි.

    කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඩනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්තනපුර, නිවිතිගල, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

    Latest News