තේ වත්තේ අතරමංව සිටි කොටි පැටවුන් දෙදෙනා මවගේ තුරුලට (වීඩියෝ)

ඔක් 13, 2022
  • අතරමං ව සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙකු බේරා ගැනීමට නල්ලතන්නිය වනජිවි නිලධාරින් කටයුතු කර ඇත.

    දින 10 පමණ වයසැති කඳුකර කොටි පැටවුන් දෙදෙනා නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ මවගෙන් වෙන් වී අතරමංව සිට ඇත.

    නොර්වුඩ් ඉන්ජස්ට්‍රි තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට කොටි පැටවුන් දෙදෙනා හමු වි ඇති අතර, පසුව වතු කම්කරුවන් විසින් වතු අධිකාරිවරයා දැනුවත් කිරිමෙන් පසු වතු අධිකාරිවරයා විසින් ආරක්ෂිතව කොටි පැටවුන් දෙදෙනා රඳවාගෙන ඒ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

    ගැහුණු සහ පිරිමි සතුන් දෙදෙනෙකු වන එම කුඩා කොටි පැටවුන් දෙදෙනා වනජිවි නිලධාරින් පැමිණ එම තේ වත්තේම කොටි පැටවුන් හමු වු ස්ථානයට යාබදවම තේ වත්තේ ආරක්ෂිත ස්ථානයක රඳවා තිබිය දී කොටි පැටවුන් දෙදෙනාගේ මව විසින් එම ස්ථානයට පැමිණි කොටි පැටවුන් දෙදෙනා අවස්තා දෙකකදි රැගෙන ගිය බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

    Latest News