තිළිණි ප්‍රියමාලිගේ ආයතනයේ සේවකයින් CIDයට කැඳවයි

ඔක් 13, 2022

    මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෞද්ගලික ආයතනයේ කාර් ය මණ්ඩලය ප්‍රකාශ ලබා ගැනීම සහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

    වර් ගීකරණය කොට දෛනිකව කිහිපදෙනා බැගින් එලෙස කැඳවීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

    අදාළ ආයතනයේ මාධ්‍ය අංශයේ කාර් ය මණ්ඩලයේ දෙදෙනෙකු වන සුරංගි කොඩිතුවක්කු හා ධනංජය නානායක්කාර යන අය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණ. 

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පිහිටි අදාළ කාර් යාල පරිශ්‍රය ඊයේ පරීක්ෂාවට ලක් කළේය. 

    Latest News