කඳුකර කොටියෙකු මන්දකට හසුවෙයි (වීඩියෝ)

පෙබ 15, 2021
  • මන්දකට හසු වූ කඳුකර කොටියෙකු පිළිබඳ අප හැටන් වාර්තාකරු සඳහන් කරයි.

    අද (15) මන්දකට හසු වූ මෙම කඳුකර කොටියා බේරා ගැනිමට කටයුතු කරන ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය පවසයි.

    kotiya_01.jpgkotiya_02.jpg

     

    බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලදු කැලැවක මන්දකට හසු වු කඳුකර කොටියා සිර වි සිටින බවයි පොලිසිය කියා සිටියේ.

    තේ වත්තේ ළදු කැලැවේ තෘණ කැපිමට ගිය වතු කම්කරුවෙකු විසින් මන්දට හසු වු කොටියා දැක ඒ පිලිබදව පොලිසිය වෙත දැනුම් දි ඇත.

    සතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට කදුකර කොටියා හසු වන්නට ඇති බවයි වනජිවි නිලධාරින් සැකකරන්නේ.

    Last modified on සදුදා, 15 පෙබරවාරි 2021 21:38

    Latest News