මවගෙන් වෙන් වි අතරමංව සිටි කදුකර කොටි පැටවුන් දෙදෙනෙක් වනජිවි නිලධාරින් භාරයට

ජූලි 18, 2023

    මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කදුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිළධාරින් වෙත භාර දිමට එම වතුයාගේ වතු කම්කරුවන් ඊයේ (17) දින පියවර ගෙන තිබුණි.

    මාසයක් පමණ වයසැති කදුකර කොටි පැටවුන් දෙදෙනා තේ වත්තේ ආරක්ෂිත ස්ථානයකට මව විසින් ගෙනවිත් දමා මව ගොදුරු සෙවිමට ගොස් සිටි අවස්ථාවක තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් කදුකර කොටි පැටවුන් දෙදෙනා දැක ඒ බැව් වතු පාලන අධිකාරිය හරහා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම්දි ඇත.

    තම භාරගේ සිටින කඳුකර කොටි පැටවුන් දෙදෙනා මව වෙත භාර දිම සඳහා කොටි පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත මව වෙත භාරදිම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ.

    තේ වතු වල සිටින මෙවැනි කඳුකර කොටි පැටවුන් මිනිසුන් විසින් අල්ලා ස්පර්ශ කිරිමෙන් පසු යලිත් එම කොටි පැටවුන් මව විසින් භාර ගැනීම ප්‍රතික්ශේප කරන නිසා තේ වතුවල සහ රක්ෂිත වල සැරිසරන කොටි පැටවුන් ඇල්ලීමෙන් වැලකී එම සතුන් සිටි ස්ථානයේම රැදි සිටීමට අවස්ථාව ලබාදීම තුලින් එම කොටි පැටවුන්ගේ ජිවිත ආරක්ෂා වන බවත්, ගොදුරු සොයා යන කොටි පැටවුන්ගේ මව යලිත් එම ස්ථානයට පැමිණ තම පැටවුන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන බවයි වනජීවි නිලධාරින් කියා සිටියේ.

    Latest News