දින 10ක් අතුරුදන්ව සිටි සරසවි සිසුවා නැවත පැමිණෙයි

ඔක් 13, 2022

    දින 10 ක් තිස්සේ අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උලකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහාචාර් ය්‍ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි.

    මෙම සිසුවා පසුගිය 2 වැනි දින නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා අතුරුදන් වී තිබිණි.

    සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

    සිසුවා බදුල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දින කිහිපයක් ගතකර තිබෙන බව අනාවරණය වී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2022 11:46

    Latest News