මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් මරණ 3ක්

ඔක් 06, 2022
    මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මරණයට පත්ව ඇත. 
    අද (06) උදෑසන 7.00ට පමණ ටී-56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය සදහන් කරයි.  පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරනු ලැබේ.
    මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
    වෙඩිවැදීමට ලක්වූ  පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. 

    Latest News