මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 20,438ක්

දෙසැ 01, 2020

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ 'කොවිඩ් - 19' වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,438 ක් වේ.

    ඉන් පුද්ගලයින් 14,152 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    ඊයේ (30) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 23,986 ක් වන අතර ඉන් පුද්ගලයින් 17,559 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඊයේ (30) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,309 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (01) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 558ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News