මිනුවන්ගොඩ - පෑලියගොඩ සම්පූර්ණ ආසාදිතයින් 23,001ක්

දෙසැ 05, 2020

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට හා පෑලියගොඩ මාළු වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 23,001ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් පුද්ගලයින් 16,030 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරේ ආසාදිතයින් 3,059ක් වන අතර පෑලියගොඩ මාළු වෙළෙඳපලේ පොකුර 19,942ක් වෙයි.

    ඊයේ (04) වන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 26,558ක් වන අතර ඉන් පුද්ගලයින් 19,437ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. ඊයේ (04) දින වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,991ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද උදෑසන වන විට මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙක් මියගොස් තිබේ. එම පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අයෙක් වෙයි. ඒ අනූව අද උදෑසන වන විට මෙටර තුල කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 10:38

    Latest News