ලෝක ළමා දින සැමරුමට හෙට රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට එන්න

සැප් 30, 2022

    ලෝක ළමා දිනය හෙටයි. ඒ නිමිත්තෙන් දිවයින පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබෙනවා.



    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කරන ළමා දින උලෙළ, හෙට කොළඹ - නිදහස් චතුරශ්‍රය හා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එය ආරම්භ කෙරෙන්නේ, උදේ 8.30 ටයි. විවිධ වැඩසටහන් රැසක් දවස පුරා පැවැත්වෙන අතර, සියලු දරු දැරියන්ට ඊට සහභාගි විය හැකියි.‍ රූපවාහිනී සංස්ථාව මෙවරත් ළමා දින උළෙල සංවිධාන කරන්නේ, ලෝක ළමා දිනයට සමගාමීවයි. සිතුවම් තරග, ළමා ක්‍රියාකාරකම් හා අධ්‍යාපන වැඩසටහන් රැසක් ඊට ඇතුළත්. දරුවන්ගේ දක්ෂතා ඔපවත් කිරීමේ වැඩසටහන් රැසක්ද ඊට එක් කර තිබෙනවා. ළමා දින උළෙල සංවිධාන කර ඇත්තේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ළමා වැඩසටහන් ඒකකයේ පූර්ණ මෙහෙයවීමෙන්.

    Latest News