රූපවාහිනී ළමා දින වැඩසටහන හෙට..විහාරමහා දේවි උද්‍යානයේදී දවස පුරා

ඔක් 04, 2019

    ඔක්තෝම්බර් 1වැනිදාට යෙදුනු ජාතික ළමා දිනය වෙනුවෙන් රූපවාහිනී ළමා දින වැඩසටහන හෙට (05) කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී දවස පුරා පැවැත්වෙනවා.

    ළමා ක්‍රීඩා, ළමා සංගීත වැඩසටහන්, ළමා නාට්‍ය ඇතුළු දැනුම විනෝදය රැගත් විශේෂාංග රැසක් වැඩසටහනට අයත්.

    අනුව රූපවාහිනී ළමා දින වැඩසටහන හෙට පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙන අතර රූපවාහිනි සජිව විකාශය ඊට සමගාමිව සිදුකෙරෙනවා. මේ අතර ළමා පුවත් විශේෂ විකාශයක් ද එහි සිට සජීවීව ගෙන ඒමට නියමිතයි. විශේෂ දක්ෂතා දක්වන දරුවන් වෙනුවෙන් තෑගි පිරිනැමේනවා.

    රූපවාහිනී ළමා දින වැඩසටහන, රූපවාහිනි ළමා ඒකකයේ උදාන්ත ගුණතිලකගේ නිෂ්පාදනයක්.

    ජාතික රූපවාහිනිය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් පළමු වෙනිදා  විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ගුවන් චාරිකාවක සජිව අත්දැකීම් පිරිනැමීම සහ ගුවන් යානා මෙහේයුම් ක්‍රියාලිය පිළිබදව ළමුන් අත්දැකීම් ලබාදිම එ අතර ප්‍රමුඛවේ.

    සුමිතුරු දැයකින් - දිනවමු දරුවන් මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. ලෝක ළමා දිනය සැමරීමට දිනයක් යොදාගත යුතු බවට ප්‍රකාශයට පත් කෙරුණේ 1925 දී පැවති දරුවන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවේදීයි.

    දරුවා යනු මුලුමහත් ජාතියේම අනාගතයි. රටේම සම්පතයි. හොඳම දේ දරුවන්ටයි. වර්ථමානයේ ජනගහනයෙන් තුනෙන් එකක් වූ ළමා පරපුර දැනුමෙන්, හැදියාවෙන් හා චින්තනයෙන් මනා ලෙස සන්නද්ධ කොට හෙට දවසේ තරුණ පරපුර, අභියෝගයන්ට අභියෝගයක් වියහැකි මනා නිමැවුමක් කිරීමයි අපේ යුතුකම හා වගකීමයි.

    පෙරහුරු අතර තුර...

    IMG 20191004 WA0006

    IMG 20191004 WA0008

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 12:43

    Latest News