ලෝක ළමා සහ වැඩහිටි දිනය අදයි

ඔක් 01, 2023

    ලෝක ළමා සහ වැඩහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

    මෙවර ළමා දිනයේ තේමාව වන්නේ සියල්ලන්ටම වඩා දරුවන් වටී යන්නයි. මෙවර වැඩිහිටි දිනයේ තේමාව වන්නේ වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව යන්නයි. මෙවර ලෝක ළමා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ, ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

    Latest News