චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරනවා - අග්‍රාමාත්‍ය

සැප් 30, 2022

    ගෝලීය සමගිය මෙන්ම, මෙරට ජනතාවගේ සමෘද්ධිය සඳහා ශක්තිය ලබා ගැනීමට චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    චීනය, ක්‍රියාත්මක කරන ප්‍රායෝගික ආර්ථික ආකෘතිය ලෝකයටම ඉහළ ආදර්ශයක් සපයමින් පවතින බවද, අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා.

    චීනයේ 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය නිමිත්තෙන් පසුගියදා කොළඹ සංවිධාන කර තිබූ උත්සවයකට ‍එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙරට චීන තානාපති කී ෂෙන්හොන්ග්, චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ආනන්ද ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව සම්බන්ධයෙන් අංශ ගණනාවක් යටතේ මෙහිදී අදහස් පළ කළා.

    Latest News